දින අටට වරාය නගරයට 89,540ක්


කොළඹ වරාය නගරය නැරඹීම සඳහා පුද්ගලයින් 89,540 දෙනෙක් ගත වු දින අට තුළ පැමිණ ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනවාරි 9 වනදා විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ මැරීනා පරිශ්‍රය, ඊට පසු දින සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව හිමි විය.

දීර්ඝ සති අන්ත නිවාඩු වූ පසුගිය දින කිහිපයේ ද විශාල පිරිසක් මැරීනා කලාපයට පැමිණ තිබේ.



Recommended Articles