දින 50‌කට පෙර අතුරුදන් වූ පුස්තකාල සහායිකාව සොයයි


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවට අයත් නුගේගොඩ මහජන පුස්තකාලයේ සේවයේ නියුතුව සිට දින පනහකට පෙර අතුරුදන් වූ , පුස්තකාල සහායිකාව සොයා ගැනීමට වැලිකඩ පොලීසිය මහජන සහය පතයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ, රාජගිරිය මොරගස්මුල්ල 4 වන පටුමගේ පදිංචි, අයන්ති ලක්ෂානි රණසිංහ නමැති  (31) හැවිරිදි අවිවාහක තරුණියක බව පොලීසිය කියයි

ඇය මාසික වැටුප් ලේඛනයට අත්සන් තැබීමට යැයි නිවසට පවසා, ඉකුත් ජුනි 22 දා ,නිවසින් පිටත්ව ගොස් ඇති අතර, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන්, මෙසේ පොලීසියේ පැමිණිල්ලක් කර තිබුණි.

ඒ පිළිබඳව වැලිකඩ පොලීසිය පුළුල් විමර්ශන‍යක්  ආරම්භ කළ ද,දින පනහකට පෙර අතුරුදන් තරුණිය මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පැවසේ.

ඒ අනුව අතුරුදන් තරුණිය පිළිබඳ තොරතුරක් වෙතොත් වැලිකඩ පොලීසියේ 0112 - 864060  දුරකථන අංකය අමතා තොරතුරු ලබා ලබා දෙන ලෙස  පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  වසන්ත කෝරළේගේ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වති.



Recommended Articles