දින 4ක බිළිදෙක් කෘරත්වයට පත්කළ මව අත්අඩංගුවට


දින හතරක් පමණ වයසැති බිළි‌දෙක් කෘරත්වයට පත්කර අතහැර දමා ගිය සැකකාර මවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

වත්තේගම පොලිස් වසමේදී ඇල්කඩුව ප්‍ර දේශයේ විහාරස්ථානයක් අදළ පිහිටි බුද්ධ ප්‍රතිමාව අසළ දින 4ක් පමණ වයසැති බිළිදෙක් අතහැර දමා ගොස් ඇති බවට ලැබුණ තොරතුරක් අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ මව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 36ක් වන මාතගේ කරගහින්න පදිංචිකාරියකි. සැකකාරිය ලොරි රථයකින් පැමිණ මෙසේ බිළිඳා දමා ගොස් ඇති අතර ලොරි රථ රියදුරුගෙන් ලද තොරතුරු අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය පසුගිය 01 දා දරුවා ප්‍රසූත කර තිබූ අතර 04 දා මෙසේ දරුවා දමා ගොස් තිබුණි.



Recommended Articles