දින 38ට පසු ඉතාලියේ අඩුම දෛනික කොවිඩ් මරණ ඊයේ දිනයේ


ඉතාලියේ  දෛනික මරණ සංඛ්‍යාව  මාර්තු මස (17)  න් පසුව අඩුම අගයක් ගත දිනය ඊයේ (25)   වාර්තා වු බවත් එය 415  වු බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පැවසීය.

ඊයේ (25)  දිනයෙත්  නව ආසාදිතයන් ප්‍රමාණයට වඩා සුව වු ප්‍රමාණය ඉහළ අගයක් ගත් බවත් එය නව ආසාදිතයන් 2357  වාර්තා වන විට සුව වු පිරිස 2622 වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය  සඳහන් කළේය.

කෝවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව  ඊයේ(25)  දිනය අවසන් වනවිට 26,384 ක් හා සුවය ලැබු පිරිස 63,120 වු බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  සඳහන් කළේය.       

චන්දන ප්‍රනාන්දු                                                                                      



Recommended Articles