දින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ්


දින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් ප්‍රතිකාර කිරීම සඳහා අදද (22 දා)  රෝහල් ගත කර ඇති බව පල්ලම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

පල්ලම පොත්තුක්කුලම ප්‍රදේශයේ පදිංචි මෙම 45 වන වියේ පසුවන මව මෙයට දින 14 ට කලින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දි සිය කුළුදුල් දරු ප්‍රසුතිය සිදු කර ඇත.

රෝහලේ සිට පැමිණි පසු අසනීප තත්ත්වයක් පෙන්වීම නිසා ඔවුන් පි.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇති බවත් ඒ අනුව ඔවුන් ආසාදිතයින් බව හෙළි වීම නිසා මෙසේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෛද්‍ය ප්‍රතිකාර පිණිස ඇතුළත් කර තිබේ.

හලාවත සුපුන් හංසන



Recommended Articles