දින 11කට පසු ජනපති කාර්යාලයේ වැඩ අරඹයි- ජනපතිත් නුදුරේදීම එයි


ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු දින 11කට පසුව අද (25දා) ආරම්භ කළේය. ජනාධිපති ලේකම් කාර්යාලය අරගලකරුවන් විසින් ග්‍රහනයට ගැනීමෙන් අනතුරුව එහි කටයුතු ඇණ හිටීය.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද නුදුරේදිම ජනාධිපති කාර්යාලයේ සිට රාජකාරී ආරම්භ කිරිමට නියමිතව තිබේ. මේ වන විට එහි අලුත් වැඩියා කටයුතු සිදු කරමින් පවතී.

 



Recommended Articles