දිත්වාගෙන් ගොඩ යන්න ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්


‘දිත්වා’ සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පැවසීය.

අද  (23) ජනාධිපති කාර්යාලයේ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම සහන පැකේජය යටතේ ඩොලර් මිලියන 100ක් ප්‍රදානයක් ලෙස ලැබෙන අතර ඉතිරි මුදල වන ඩොලර් මිලියන 350 සහනදායි ණය අනුපාතයක් ලැබෙයි.



Recommended Articles