දිගන නගරයේ බුදු කුටියට ගල් ප්‍රහාරයක්


දිගන නව නගරයේ ඉදි කොට ඇති බුදු කුටියට කිසියම් පුද්ගලයකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කොට ඇති බව පවසන තෙල්දෙණිය පොලිසිය එම ගල් ප්‍රහාරය හේතුවෙන් එම බුදු කුටිය ආවරණය වීම සඳහා යොදා තිබූ වීදුරුවට අලාභානි සිදු වී ඇති අයුරු දක්නට ඇත.

දිගන නව නවනගරය ආරම්භ වන ස්ථානයේ ඉදිකොට ඇති මෙම බුදු කුටියට පෙරේදා (27) අළුයම් කාලයේ එම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර තෙල්දෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles