දිගන ඇල්ලේ දිය නැමට ගිය තරුණයන් දෙදෙනකු මරුට


කොලොන්න වෙලේවත්ත දිගන ඇල්ලේ  දිය නැමට ගිය තරැණයන්  දෙදෙනකු  අද (28) දා පස්වරුවේ  දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වදකහදෙණිය,හල්වින්න,ගොඩකවෙල ලිපිනයේ පදිංචිව සිටි එචි.ආර්.තරුෂ රැක්ෂාන් නැමැති  17 හැවිරිදි  තරුණයෙකු  සහ වදකහදෙණිය ,හල්වින්න, ගොඩකවෙල  ලිපිනයේ පදිංචිව සිටි ආර්.එමි.ජනිත් මිහිරංග  නැමැති  18 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇත.
ඔවුන්  වෙලේවත්ත  දිගන  අැල්ල ප්‍රදේශයේ දිය  නැමට ගොස් ඊයේ (28) දා  පෙරවරුවේ   අතුන්ව තිබෙන අතර පස්වරුවේ පොලිසිය විසින්  සිරුරු  දෙකක  සොයාගෙන ඇත.

සිරුරු දෙක කොලොන්න  මුලික රෝහලේ  තැමිපත් කර  තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලිසිය  පරික්ෂණ පවත්වයි.

රාස්සගල සමිපත්



Recommended Articles