දික්වැල්ල කැලෑවකින් රිවෝල්වරයක්, බෝම්බයක් හා ටී56 උණ්ඩ තුනක් සෙයා ගනියි


දික්වැල්ල රත්මලේ කිරිනැලිකන්දේ කැලෑබද ප්‍රදේශයක තිබී රිවොල්වරයක් ජීව අත්බෝම්බයක් සහ ටී 56 ගිනිඅවිවලට යොදන  ජීව උණ්ඩ තුනක් අද ( 26 )  පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙි .

මෙම ගිනිඅවි කොල පැහැති බෑගයක දමා තිබියදී පොලීසියට හමුවී ඇත.විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ පොලිස් පරීක්ෂක එම්.එම්.කේ පීරිස් මහතා ඇතුලු කණ්ඩායමක් විසින්⁣ මෙම වැටලීම කර ඇත.මෙම ගිනිඅවිවල අයිතිකරුවෙකු මෙතෙක් හමුවී නොමැති අතර වැඩිදුර විමර්ශණ සඳහා මෙම ගිනිඅවි දික්වැල්ල පොලිසිය ට භාරදී තිබෙි .

අහංගම  සුමතිපාල දීයගහගේ



Recommended Articles