කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක
අපරාධ විමර්ශන අංශය මහනුවර උප විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත එයට සම්බන්ධ සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන
තිබේ.
සැකකරු අවුරුදු 36ක් වන ගිනිගත්හේන පදිංචිකරුවෙකි. සැකකරු පැමිණිලිකාරිය සමග විවාහ වී පසුව නීත්‍යානුකූලව වෙන්ව සිටියදී
මෙම අපරාධය සිදුකර ඇති බව පොලීසිය කියයි.

