දැරියකට අතවර කළ අපේක්ෂකයා රිමාන්ඩ්


අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් අතවරයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය  සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත්අඩගුවට ගත් බව පස්සර පොලීසිය පැවසීය. 

පස්සර පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 සැකකරු පස්සර සපුගස්මඩ නිකේබැද්ද පල්ගැහැතැන්න ප්‍රදේශයේ පදිංචි තිස් හතර වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි. 

 අත්අඩංගුවට ගත් සැකකරු අද (04) පස්සර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි මස  පහළොස්වෙනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි. පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි. 



Recommended Articles