දැඩි ඇදිරි නීතිය සමයේ නීති කැඩූ 1167 අත්අඩංගුවට


අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනය කළේ​ය. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 කි.

මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 1,293 ක් වන බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.

ඊයේ පස්වරුවේ සිට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ඒ සදහා යුද හමුදාව ද සහය ලබා දී ඇත.



Recommended Articles