ද්විත්ව පුරවැසි මැති ඇමතීන්ට පොල් ගසයි


පාර්ලිමේන්තුවේ සිටින දිත්ව පුරවැසි භාවය ලබාගත් මැති ඇමැතීන් පෙන්නුම් කරන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (4දා) බලපිටිය පුරාණ මෝදර දේවාලයේදී පැවැත්විණ.

බලපිටිය ප්‍රදේශයේ පිරිසක්  සවිධානය කර තිබූ මේ දේව කන්නලව්ව හා පොල් ගැසීමට සමගි ජන බලවේග පක්ෂයේ ගාල්ල දිස්තික් ධීවර ලේකම් උෂාන්ත මෙන්ඩිස් මහතා ද සහභාගිවී සිටියේය.

පාර්ලිමේන්තුවේ දිත්ව පුරවැසිභාවය ඇති මැති ඇමැති සොයා ගැනීමට පාර්ලිමේන්තුවට,ආගමන විගමන දෙපාර්තමේන්තුවට හා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට නොහැකිව තිබෙන බැවින් මේ අය සොයාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීමට මෙවැනි කාර්යයක් සිදු කිරීමට සිත්වූ බව මේ අවස්ථාවට සහභාගීවෝ පැවසූහ.

මේ සියල්ලන්ටම කොකා පෙන්වමින් හොරෙන් පාර්ලිමේන්තුවේ සිටින දිත්ව පුරවැසි භාවය හිමි  මැති ඇමැතීන්ට දඩුවම් ලබාදී ඔවුන් ජනතාවට පෙන්නුම් කරන ලෙස ද ඉල්ලා දෙවියන්ට පොල් ගැසීමක්ද මෙහිදී සිදු කෙරිණ.



Recommended Articles