දළදා වන්දනාව සඳහා දිවයිනේ සෑම ප්‍ර දේශයකින්ම අනපේක්ෂිත ලෙස පැමිණෙන විශාල බැතිමතුන් පිරිස වෙනුවෙන් මහනුවර නගරය පුරා සුදානම් කර තිබු ජංගම වැසිකිළි ප්‍රමාණය ප්‍රමාණවත් නොවු හෙයින් තවත් ජංගම වැසිකිලි 30 ට අධික ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසිය.
දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට පැමිනෙන බැතිමතුන් ගේ පහසුව පිණිස මීට පෙර ජංගම වැසිකිළි ස්ථාපිත කර තිබූත් විශාල බැතිමතුන් ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් හේතුවෙන් නගරයෙන් පිටත ද පෝලිම් ඇදීයාම නිසා එම ජනතාව වෙනුවෙන් ජනපති ලේකම්වරයා ගේ මැදිහත්වීමෙන් තවත් අලුතින් ජංගම වැසිකිළි හා ජනතාව වැඩි වශයෙන් එක්රැස්ව සිටන ස්ථාන වල ජංගම වැසිකිළි ස්ථාපිත කිරීමට පියවර ගත් බවද කොමසාරිස්වරිය පැවසිය.
මහනුවර නගරය ඉතා හොඳ පිරිසිදු තත්ත්වයකින් පවත්වාගෙන යැම සදහා ඇසළ පෙරහර මංගල්‍යය අවසානයේ සිදු කරන්නාක් මෙන් දළදා වන්දනාව දළඳා වන්දනාවෙන් අනතුරුව නගර සභාවේ කාර්ය මණ්ඩලය එක්ව නගරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන බවත් මේ නිසා නගරය ඉතා හොඳ පිරිසිදු තත්ත්වයකින් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බවත් කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී දළදා මාලිගාව මගින් බැතිමතුන් වෙනුවෙන් පවත්වන දන්සල හැරුණු විට දිවා හා රාත්‍රි ආහාර ලෙස බත් ලබාදෙන දන්සැල් ක්‍රියාත්මක නොවන බැවින් වෙළෙඳ සංගමය හා සාකච්ඡා කර ඒ සඳහා තිමතුන්ගේ පහසුව වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන බව ද කොමසාරිස්වරිය ප්‍රකාශ කළ අතර තමන් රැගෙන එන ඉටිරෙදි ඇතුළු ඉවත දැමිය හැකි දේ නගරයේ නොදමා යළි රැගෙන යන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද නගරය පිරිසිදු කිරීමේ නිරත කණ්ඩායම් වලට එය පහසුවක් වනු ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.