දළඳා පෙරහරේ පළමු චාරිත්‍රය සිදු කෙරේ


හෙළයේ මහා ආගමික සංස්කෘතික මංගල්‍යය වශයෙන් සැලකෙන කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් සිදු කරන ප්‍රථම චාරිත්‍රය වශයෙන් සැලකෙන සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයට අවශ්‍ය කප කැපීමේ පුරාණ චාරිත්‍රය අද අලුයම 4.32 ට යෙදුණ සුබ මුහුර්තියෙන් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණි.

එම දේවාල පරිශ්‍රයෙන් තෝරාගත් පල නොදැරූ කොස් පැළයක් සුවඳ පැනින් නහවා පිරිසිදු කොට එම දේවාලයේ චාරිත්‍ර  ඉටුකරන වන්නක්කු රාළ විසින් නැගෙනහිර දිශාවට වැටෙනසේ කපා හෙලීමෙන් අනතුරුව එම කප කොටස පෙරහරකින් මහනුවරට රැගෙන ඒමෙන් පසු එය කැබලි සතරකට වෙන්කොට නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාලයන්ට භාර කිරීමෙන් අනතුරුව හෙට (25) අලුයම 6.05 ට යෙදෙන සුභ මුහුර්තියෙන් සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමට නියමිතය.

 



Recommended Articles