මහනුවර ඇසළ පෙරහැර සමයේ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමටත් ප්ලාස්ටික් වලින් නිමවන ලද ද්‍රව්‍ය මහනුවර නගරයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. මෙවර මහනුවර ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වෙනිදා සිට අගෝස්තු මස 10 වෙනිදා දක්වා පැවැත්වේ.
සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට සැලකිය යුතු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතුවන අතර මෙම අපද්‍රව්‍ය අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමුඛ වේ. විශේෂයෙන් මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අතර පෙරහැර නැරඹීමට බිම ඉදගැනීම සඳහා බැතිමතුන් යොදා ගන්නා ඉටි කොළ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී. එබැවින් ඒ සඳහා විකල්ප භාවිත කරන ලෙස ද එලෙස භාවිත කරන ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන ලෙස හෝ නැවත නිවෙස් වෙත ගෙනයන ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් ඉල්ලා සිටී.
මෙම තත්ත්වය නිසා වසර ගණනාවක් මුළුල්ලේ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය" ශ්‍රී දළදා මාලිගාව" මහනුවර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව" මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය" මහනුවර නගර සභාව" මහනුවර පොලිසිය" ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය" ගඟවට කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය" පොලිස් පරිසර ඒකකය" පාරිභෝගික සේවා අධිකාරිය යන ආයතනය සහ පරිසර හිතකාමී ව්‍යාපාරික ප්‍රජාව එක්ව කසළ නිසි ලෙස බැහැර කිරීම" තහනම් ප්ලාස්ටික් සහ පරිසර හිතකාමී ජීවන පැවැත්මේ වැදගත්කම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම සහ වීථි නාට්‍ය පෙන්වීම සිදුකරන අතර තහනම් ප්ලාස්ටික් වැටලීම් මෙන් ම කසළ කළමනාකරණ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.
මෙහිදී" මධ්‍යම පරිසර අධිකාරිය මධ්‍යම පළාතේ පාසල් 43ක පමණ පරිසර නියමු දරුවන් යොදා ගනිමින් වීථි නාට්‍ය" විරිඳු" ගීත නාටක සහ නැටුම් ආදී විශේෂාංග යොදා ගනිමින් කසළ කළමනාකරණය පිළිබඳ පෙරහැර පැවැත්වෙන දිනයහි දී දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර කිරීමෙන් ද පොලිතීන්" ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒම සහ භාවිතය හැකිතාක් අවම කිරීමෙන් ද පරිසරය රැකගැනීමට එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු බැතිමතුන්ට සිහිපත් කර සිටී.