දස දහසක අල්ලසක් ගත් පොලිස් සැරයන්ට වැඩ වරදියි


රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදියක් පැදවූ 17 හැවිරිි දි පාසල් සිසුවෙකුට නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දහදාහක අල්ලසක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු ලබන ජුනි නව වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් කේ.ජීවරාණි මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

මෙසේ බන්ධනාගාර ගත වූයේ කින්නියා පොලිසියට අනුයුක්තව රථවාහන නඩු කටයුතු භාර පොලිස් සැරයන්වරයායි. පාසල් සිසුවා රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් පදවා ඇති අතර නීතිය ක්‍රියාත්මක නොකිරීමට සිසුවාගේ දෙමාපියන්ගෙන් අල්ලස් මුදලක් ඉල්ලා රුපියල් දහ දාහක අල්ලස් මුදල කින්නියා බුහාරි හන්දියේදී ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් සැකකාර පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි. 



Recommended Articles