කොරෝනා වසංගතයට දරුවන් වැඩි වශයෙන් ගොඳුරුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
පසුගිය සතියට පෙර සතියේ සතියේ කොරෝනා ආසාදිත දරුවන් 30 ක් ප‍්‍රතිකාර සඳහා වාර්තා වුවත් ඊයෙන් (01 දා) අවසන් වූ සතියේ දරුවන් 80 කට රෝගය වැළඳීම නිසා මෙම වර්ධනය දකින්නට ඇති බවද ඒ මහතා කීය.
කොරෝනා රෝගයට ගොදුරුවන දරුවන් රෝගය සුවවීමෙන් පසු බහු ඉන්ද්‍රීය ආසාදනයන්ට ගොදුරුවිය හැකි නිසා දරුවන් රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමට දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද ඒ මහතා පවසයි.
දරුවන් වැඩි වශයෙන් කොවිඩ් වලට ගොදුරු විමේ අවදානමක්
Recommended Articles

