දරුවන් යොදා ගනිමින් මත්කුඩු බෙදාහැරිම් සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට


දරුවන් යොදා ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදාහැරීම සිදුකළ ජාවාරමක් වැටලීමට බස්නාහිර පළාත් පොලිස් බුද්ධි අංශය සමත්වුණා.

ත්‍රිරෝද රථ වලින් දරුවන් ද යොදාගනිමින් මත්කුඩු බෙදීම සිදුව තිබෙනවා.

කොළඹ මහනුවර මාර්ගයේ වේවැල්දෙනිය ප්‍රදේශයේ දී වැටලීම සිදුවුණා. එම ත්‍රිරෝද රථයේ කුඩා දරුවෙකු සහ මවක සිටි අතර ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු තුනහමාරක් පමණ වයසැති පිරිමි දරුවෙකු මේ සදහා යොදාගෙන ඇති අතර එම දරුවාගේ සිරුරේ විවිධ ස්ථානවල මත්කුඩු සගවා තිබූ බවයි පොලීසිය සදහන් කළේ.

 

 

 



Recommended Articles