දරුවන් දෙදෙනාට අමානුෂිකව පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්


තම දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැඳ ඇඟට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදුකල බව කියන හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා මහේස්ත්‍රාත් ඒ.එල් හෙට්ටිවත්ත මෙනවිය අද (03) නියෝග කලාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු වශයෙන් සේවය කරන ලද 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ඊයේ (02) දින පස්වරුවේ බීමත්ව නිවසට පැමිණ බිරිඳට පහර දී දරුවන් දෙදෙනා ගසක බැඳ එම දරුවන් දෙදෙනාගේ ඇඟට මිරිස් කුඩු ඉස අමානුෂික ලෙස වද හිංසා සිදු කිරීම හේතුවෙන් හැටන් පොලීසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදි වද හිංසාවට ලක්වූ දරුවන් දෙදෙනා සහ මව වෛද්‍ය වාර්ථාවක් ලබා ගැනීම සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කිරීමට පියවර ගැනීමට ද පොලීසිය විසින් කටයුතු කර තිබුණි.



Recommended Articles