දරුවන් තාක්ෂණය එක්ක ඉස්සරහට යන්ඩ අවශ්‍යයි නමුත් එ්කෙ ගොදුරක් වෙන්ඩ බෑ


තාක්ෂණය සමග ඉදිරියට යන ළමුන්  තාක්ෂණයේ ගොදුරක් බවට පත් නොවිය යුතු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තරයේ විශ්වාස කරන බව දන්වා සිටියි. අන්තර්ජාලය මගින් සිදුවන ළමා අපයෝජන වල යම් පමණක වර්ධනයක් ද දැකිය හැකි බවද පෙන්වාදෙයි. එහෙයින්  තාක්ෂණයේ නියම ඵල නෙලා ගැනීමට අන්තර්ජාලය තුළ ළමයින් සුරක්ෂිත කිරීමට කඩිනමින් පියවර ගතයුතු බවත් වැඩිදුරටත් ඔවුන් සදහන් කර සිටියි.

එසේම ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන සිදුවීමක් අප්‍රමාදීව වාර්ථා කිරීමට සහ ළමා අපයෝජන පිළිබඳව වඩාත් සංවේදීව කටයුතු කිරීමට කැප වන ලෙස සියළු දෙනාගෙන් ඉලලා සිටියි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles