දර්ගා නගරය තුළ සිදු කළ PCR පරික්ෂණයෙන් තවත් ආසාදිතයින් 29ක්


අලුත්ගම පොලිසියේ කෝවිඩ් 19 පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ දර්ගා නගරය මිහිරිපැන්න ප්‍රදේශයේ පුද්ගලයන් 100 දෙනෙකු වෙනුවෙන් සිදුකළ පි .සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29 දෙනෙකු වාර්තා වී ඇතැයි පොලිසිය අද (28) පැවසීය .

මෙලෙස හමුවූ ආසාදිත පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කියයි .

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා



Recommended Articles