දඹුල්ලේ එළවළු මිල සාමාන්‍ය මට්ටමක - දෙහි කිලෝව 750යි


 මුළු රටේම එළවළු මිල ඉහළ මට්ටමක පවතින  අවස්ථාවක  දිවයිනේ  එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවකටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක 30 දින වන විට පවතින බව එහි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක් රුපියල් දෙදහසක් තුන්දහසක් අතර ඉහල මිලයකට අලෙවි වෙද්දී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 750ක් ලෙස සටහන්ව තිබීම විශේෂත්වයකි.

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීමේ අඩු ප්‍රවණතාවයක් පවතින බවත් එමෙන්ම එළවලු මිල දී ගැනීම්  සඳහා පැමිණෙන වෙළඳුන් මිලදී ගන්නා ප්‍රමාණය විශාල වශයෙන් අඩු වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

කෙසේ වෙතත් එළවලු  මිලදී ගැනීම සඳහා පැමිණෙන තොග වෙළඳුන් සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානයෙන් රැගෙන යන එළවළු මිල ඉහළ යෑම නිසා කිලෝ එකකින් රුපියල් 50ක මුදලක් ලාභයක් ලෙස තබාගෙන අලෙවි කිරීම් සිදුකරන බව පවසති .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 2023.11.30 දින පැවති තොග මිල මෙසේය

ගෝවා      300- 320

බෝංචි      490 - 500

ලීක්ස්       240 - 250

කැරට්       320 - 340

තක්කාලි   280 - 350

 පිපිඤ්ඤා  100 - 120

 වැටකොළු 330 -340

බණ්ඩක්කා 120 - 140

පතෝල      230 - 250

 කරවිල      450 - 500

වට්ටක්කා   80 - 100

 වම්බටු       250 - 280

එළබටු       310 - 340

  දඹල        250 - 300

මෑ කරල්    250 - 270

 දෙහි         700 - 750

 මාලු මිරිස්  600 -650

 අමු මිරිස්    750 - 800



Recommended Articles