දඹුල්ලේ එළවළු මිල පහළට


 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 30 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී   ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද  අඩුවක්ද  30  දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති.

වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත්  හේතුවවී ඇත්තේ  ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ  අනුමාන කරති .

තම නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් මෙන්ම අතරමැදි වෙළෙන්දෝ කියා සිටියේ පොහොර කෘමිනාශක ,වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය.

වෙළදපලට ලැබෙන එළවලු නිසි ගුණාත්මක භවයකින් තොරව පැවතීම නිසා වෙළෙන්දෝ එළවලු මිලදී ගැනීමට මැලිකමක් දක්වන බව කියති .

 එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව  ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්වයකට වගා කොට තිබෙන බවය ,ගොවින් කියා සිටින්නේ වගාවේ පලදාව ඉතා අඩුවෙන් ලැබෙන නිසා වගාවේ පලගන්නා අස්වැන්න රැගෙන එන බවය .

 

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  30 දින එළවළු  කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

වර්ගය                          2021.12.30 පවතී මිල

ගෝවා                            275-280

බෝංචි                            300 -320

ලීක්ස්                           190 -210

කැරට්                            300 -400

තක්කාලි                         145 -150

රාබු                               50-60

නෝකෝල්                      130-140

කැකිරි                            90-100

පිපිඤ්ඤා                               60-900

වැලිමඩ අර්තාපල් අල    210-220

ආනයනය කරන ලද අර්තාපල්     170 -180

වැටකොළු         190 -200

කරවිල                      240-250

වට්ටක්කා                          60-65

වම්බටු                     250-260

එළබටු                   250-330

දඹල                             120-130

මෑකරල්                     150 -190

මාළු මිරිස්                  400-500

අමුමිරිස්                       730 -750

ලොකු ලූනු විදේශීය        175.-180

ලොකු ළූණු  දේශීය     200 -210

බතල                         85 -100

 



Recommended Articles