දඹුල්ලේ එළවලු මිල පහළට


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අද (24දා) වෙනත් දිනයන් වලට වඩා අඩු වී  ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති .

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා  23  දින  රැගෙන යාමත්  අස්වනු නෙලීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපලට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද  24  දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති .

වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත්  හේතුවවී ඇත්තේ  ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ  අනුමාන කරති .

නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ පොහොර කෘමිනාශක ,වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය , දේශීය බිජ ලබාදී කාබනික වගාවට යන්නේනම් මේ හානිය අවම වන බව ගොවින් පෙන්වාදෙති .

 එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව  ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්වයකට වගා කොට තිබෙන බවය ,ඇතැම් නිලධාරින් පවසන පරිදි රට තුල සාගින්නක් ඇති නොවන බව පෙන්වා දුන්නේය .

 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  පසුගිය 22 දින උදේ  සහ 24 දින එළවළු  කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

වර්ගය  2021.12.22  මිල            2021.12.24 මිල

ගෝවා  280 -300                      120-140

බෝංචි   250- 280                     190-250

ලීක්ස්   200-250                       190 -210

කැරට්   370 -380                       250-300

තක්කාලි  260-280                      200 -220

රාබු     70 -100                        50-60

නෝකෝල්  150-160                 130-140

කැකිරි  85  -100                       90-100

පිපිඤ්ඤා  85 -90                      60-70

වැලිමඩ අර්තාපල්   180- 190     140-150

ආනයනය අර්තාපල් 180 – 185  145-160

වැටකොළු  180-200                 150 -170

කරවිල   230-230                     160-200

වට්ටක්කා  40-60                      60-65

වම්බටු  260 -270                      160-200

එළබටු  280 -300                      250-270

දඹල  190-200                          150-170

මෑකරල්  180 -200                      150 -190

මාළු මිරිස්   550-.600                 400-600

අමුමිරිස්  670 -700                    450 -550

ලොකු ලූනු විදේශීය 190 -200      230.-250

ලොකු ළූණු  දේශීය 200- 270    250-280

බතල     100- 110                     85 -90



Recommended Articles