දත්ත මැකීම සිදුකළ මෘදුකාංග ඉංජිනේරුවරයා අධිකරණ වෛද්‍යවරයා හමුවට


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකාදැමීම සිදුකළ එම දත්ත පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අද (29) පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මෘදුකාංග ඉංජිනේරුවරයා ඊයේ (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවුලපිටියේ, වැල්ලපිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.



Recommended Articles