නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ජනමාධ්‍යය කෙරෙහි වන බරපතළ බලපෑම, දත්ත ආරක්ෂණ අධිකාරියට පුළුල් බලතල හිමිවීම සහ ස්වාධීන නොවීම මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය මත ඇති කරන බලපෑම යන ගැටලු මෙම පනත් කෙටුම්පත තුළ ඇති බවයි.
• 2022 මාර්තු 09 – දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත දෙවන වර කියවීම.
• එම කරුණුවලට අවධානය යොමු කරන තුරු පනත් කෙටුම්පත සම්මත කිරීමට ඉක්මන් නොවිය යුතුය.
පෞද්ගලික දත්ත ආරක්ෂණය පිළිබඳ නෛතික රාමුවක් සැකසීම මානව අයිතීන් සුරැකීමේ එක් වැදගත් පියවරක් ලෙස දැකිය හැකිය. මිනිසුන් විසින් භාවිත කරන මෙන් ම ඔවුන්ට එරෙහිව භාවිත වන මෙවලමක් බවට තොරතුරු පත් වී ඇති කාලයක එසේ වීම සුවිශේෂ වේ. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධානය යොමු කරන මූලික කරුණු තුන පහත පරිදි වේ.
2. දත්ත ආරක්ෂණ අධිකාරියට පුළුල් බලතල හිමිවීම සහ ස්වාධීන නොවීම – දත්ත ආරක්ෂණ අධිකාරිය ‘රජය විසින් පාලනය කරනු ලබන රජයේ ආයතනයක්’ ලෙස පනත් කෙටුම්පත නම් කරයි. සිය බලතල සහ කාර්යයන් දියාරු කරන ප්‍රයත්නයන්වලට හෝ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහි වීමට අධිකාරිය සතුව ප්‍රමාණවත් ස්වාධීනතාවක් නැත.
තවද, අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවන ආයතනයක් ලෙස දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත දත්ත ලබාගැනීමේ මූලාශ්‍ර විමර්ශනය කිරීමටත්, අධිකාරියේ නියෝගවලට අනුකූල වීමට අපොහොසත් වන දත්ත පාලකවරුන් සහ දත්ත සකසන්නන් හට එක් අනුකූල නොවීමක් සඳහා රුපියල් මිලියන 10ක් දක්වා දඩ මුදලක් පැනවීමට ද බලය ලබා දී ඇත.
මෙහි දී පොදුවේ පුද්ගල අයිතීන්වලට ගැටලුවක් වීම මෙන් ම ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍යන්ගෙන් ඔවුන්ගේ මූලාශ්‍ර පිළිබඳ තොරතුරු විමසන තත්ත්වයක් කරා යෑමේ හැකියාව ද ඇත. පනත් කෙටුම්පතෙහි අරමුණු උදෙසා ස්වාධීන දත්ත ආරක්ෂණ අධිකාරියක අවශ්‍යතාව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශයක් ලෙස ඉදිරිපත් කරයි.
මෙය තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම බලහීන කිරීමක් බවට පත් විය හැකිය. එම නිසා, අනනුකූලතාවක දී තොරතුරු දැනගැනීමේ අයිතිය අබිබවා නොයෑම තහවුරු කිරීමට නිශ්චිත ව්‍යාතිරේඛයක් ඇතුළත් කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය නිර්දේශ කරයි.
2019 වසරේ ඉදිරිපත් කළ පෞද්ගලික දත්ත ආරක්ෂණ කෙටුම්පත් රාමුවෙහි වත්මන් පනත් කෙටුම්පත වැඩිදියුණු කළ හැකි තීරණාත්මක කරුණු දෙකක් අන්තර්ගත විය. 2019 රාමුවෙහි පූර්විකාවෙහි ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාපිත තොරතුරු දැනගැනීමේ අයිතිය සුවිශේෂ අයිතියක් ලෙස විශේෂයෙන් හඳුන්වා දී ඇති අතර පෞද්ගලික දත්ත ආරක්ෂණය සමඟ පොදු යහපත තුලිත කිරීමේ අවශ්යයතාව හඳුනාගෙන ඇත.
පනත බලාත්මක කරන පාලන අධිකාරියට මහජන අයදුම්පත් ක්‍රියාවලියක් මගින් සාමාජිකයන් තිදෙනෙකු පත්කිරීමේ ක්‍රමවේදයක්ද ද 2019 කෙටුම්පතෙහි සඳහන් වේ. මෙම පියවර අධිකාරියේ ස්වාධීනතාව තහවුරු කිරීම සඳහා තීරණාත්මක විය හැකිය.