දකුණේ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට


පිටිගල හොරන්ගල්ල වෙළදසැලක් ඉදිරි පිට ඊයේ (11) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මරුමුවට පත්වී තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී මරුමුවට පත්වී ඇත්තේ සහ තුවාල ලබා ඇත්තේ පිටිගල හොරන්ගල්ලේම පදිංචි අය  බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන් තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.

මේ අතර අම්බලන්ගොඩ ගලගොඩ වෙළ පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ තවත් වෙඩි තැබීමකි

මෙසේ වෙඩි වැදී මිය ගොස් ඇත්තේ හා තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ මාදම්පේ ගලගොඩ ප්‍රදේශයේම පදිංචි දෙදෙනෙකු බව ද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව ද පොලීසිය කියයි.
වෙඩි වැදී තුවාල ලැබු තැනැත්තාගේ තත්ත්වය ඉතා බරපතල බව බලපිටිය රෝහල් ආරංචි මාර්ග කියයි. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ් පවත්වයි.

 



Recommended Articles