දකුණේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට


දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 368 දක්වා  වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

ඊයේ (09) දකුණු පළාතෙන් නව ආසාදිත රෝගින් 22 නෙකු වාර්තා වි ඇත.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ගම්මාන 06කින් නව කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු වාර්තා වි ඇත. මෙම රෝගින් අතර දරුවන් 03 නෙකුද සිටිති. ඒ සමග මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 108 දක්වා වැඩි වි ඇති බවද කොවිඩි මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, ගාල්ල නාගරික බල ප්‍රදේශය, බොපේ පොද්දල හා ඉදුරුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත. ඒ  අනුව  ගාල්ල දිස්ත්‍රික්කයෙන්  වාර්තාවන කොරෝනා අසාදිත රෝගින් සංඛ්‍යාව  228 දක්වා වැඩිවි ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්  මේ දක්වා කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් 32 නෙකු වාර්තා වි ඇත. දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින් 185 දෙනෙකු සුවය ලබා නිවෙස්වල ගොස් ඇති බවද කොවිඩි මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

 

 

 

 



Recommended Articles