දකුණේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 346 දක්වා ඉහළට


දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 346 දක්වා  වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

ඊයේ (08) දින නව ආසාදිත රෝගින් 03 නෙකු  ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලින් වාර්තා වි ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියකු  බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගියකු වාර්තා වි ඇති බවද කොවිඩි මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  එක් ආසාදිත රෝගියකු වාර්තා වි ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 224ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිත රෝගින් 90 දෙනෙකු හා  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 32 නෙකු වාර්තා වි ඇති බැව් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ  සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

 

 

 

 



Recommended Articles