දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1,405 දක්වා ඉහළට


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් 30දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,405දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 778ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 484ක් දක්වා ද ඉහල ගොස් තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අලුතින් රෝගීන් හමුවී නොමැති අතර මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 143කි.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  27දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03දෙනකු ද අලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වන ආසාදිතයන් 27 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

එම සංඛ්‍යාව 11කි. බලපිටියෙන් ආසාදිතයින් 05දෙනකු ද බෝපෙ පෝද්දලින් ආසාදිතයින් 04දෙනකු ද අක්මීමණ හා තවලම බල ප්‍රදේශ වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද වාර්තා වෙයි. අම්බලන්ගොඩ, හබරාදූව හා ඉඳුරුව බල ප්‍රදේශ වලින් ද එක් රෝගීයා බැගින් හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන් දෙදෙනකු වැලිගම කොට්ඨාසයෙන්  වාර්තා වී ඇති අතර අනෙක් රෝගියා වාර්තාවී ඇත්තේ මාලිම්බඩ කොට්ඨාසයෙනි.

දකුණු පළාතේ පවුල් 1,294ක පුද්ගලයෝ3,310දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 567ක පුද්ගලයින් 1,337දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 327ක පුද්ගලයින් 1,154දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 400ක පුද්ගලයින් 819ක් ද නිරෝධායනයට යෝමුකර තිබේ.

කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 67,642ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 31,054ක් ද මාතර පරීක්ෂණ 20,202ක් ද හම්බන්තොට පරීක්ෂණ 16,386ක් ද සිදුකර තිබේ.

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 810 දෙනකුම සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 464 දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 277 දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 69 දෙනකු ද සුවය ලබා ඇත.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට

 

 

 

 



Recommended Articles