දකුණු පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි


දකුණු පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සේවා ස්ථානයට මහජනතාව පැමිණීම සීමා කිරීමේ අරමුණින් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව මැයි මස 17 වන දින සිට 2021 ජූනි මස 16 වන දා දක්වා දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළුව දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෝ ඒ ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවේ.

නිවේදනයක් නිකුත් කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී තිබේ.

 



Recommended Articles