දකුණු පළාතේ කොවිඩ් ආසාදිත ගණන1667 දක්වා ඉහළට


දකුණු පළාතේ නව කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව ඊයේ (16) දින 61 දෙනෙකු වාර්තාවිමත් සමග කොවිඩ් ආසාදිත  රෝගින්ගේ සංඛ්‍යාව 1667  දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සමබන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

කොවිඩ් ආසාදනය විමෙන් දකුණු පළාතේ රෝගින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් රෝගින් 04 දෙනෙකු මියගොස් ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර මාතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්02නෙකු මියගොස් ඇත.

ඊයේ දිනය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගින් 44 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 17 දෙනෙකු වාර්තා  වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියකු වාර්තා වි නැත.

ඒ අනුව පළමුවැනි කොරෝනා රැල්ල ආරම්භයේ සිට ඊයේ දින දක්වා කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති රෝගින් සංඛ්‍යාව 932කි. මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 573 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 162 නෙකු වාර්තා වි  ඇත.

ඊයේ  (16) දින ගාල්ල දිස්ත්‍රික්කයේ  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත රෝගින් 13නෙකු, ඉමදුවෙන් දෙදෙනෙකු, කරන්දෙණියෙන් 01ක් රෝගියකු, නෙළුවෙන් රෝගින් 13 නෙකු, රත්ගමින් 01 රොගියකු, තවලමින් රෝගින් 05 දෙනෙකු අම්බලන්ගොඩින් 01 රෝගියකු, බද්දේගමින් රෝගින් 02නෙකු, බෝපේ පොද්දලින් 01 රෝගියකු, ඇල්පිටියෙන් 01 රෝගියකු, ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගින් 04 දෙනෙකු වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ  අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 01 රෝගියකු, අතුරලියෙන් රෝගින් 02නෙකු, දෙවුන්දර කඹුරුපිටිය කොටපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් එක් අයෙකු බැගින් මාලිම්බඩින් රෝගින් 02නෙකු, මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් රෝගින් 02නෙකු, මොරවකින් 01 රෝගියකු, මුලටියනින් රෝගින් 02නෙකු වැලිගමින් රෝගින්04 දෙනෙකු වාර්තා වි ඇත.

මේවනවිට දකුණු පළාතේ  පවුල් 1383 නෙකුට අයත් පුද්ගලයින් 3720 නෙකු නිරෝධායනය වෙමින් සිටිති. පි.සි.ආර්  පරික්ෂණ 71827 ක් සිදුකොට ඇති බවද කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ  කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරිවරයා සදහන් කළේය.



Recommended Articles