දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් ගණන 2,260 දක්වා ඉහළට


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (24) වාර්තා වූ නව ආසාදිතයින් 50දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,260 දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,199ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 820ක් දක්වා දහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 241ක් දක්වා ද ඉහල ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  33දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන්ආසාදිතයින් 13දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 04දෙනකු දඅලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ හා බෝපෙ පෝද්දල කොට්ඨාස වලින් ආසාදිතයන් 08දෙනා බැගින් ද කරන්දෙණියෙන් 07දෙනකු ද බලපිටියෙන් 05 දෙනකු ද රත්ගමින් තිදෙනකු ද හබරාදුවෙන් දෙදෙනකු ද හමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය හා මාලිම්බඩ කොට්ඨාස වලින් ආසාදිතයන් තිදෙනා බැගින් ද මුලටියන හා වැලිගමින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද දෙවිනුවර, කැකනදුර හා මොරවකින් එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් හතර දෙනාම හම්බන්තොට බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

දකුණු පළාතේ පවුල් 2,497ක පුද්ගලයෝ 6,454දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,201ක පුද්ගලයින් 2,656දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 831ක පුද්ගලයින් 2,935දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 465ක පුද්ගලයින් 863ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 80,826ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 36,768ක් ද මාතර පරීක්ෂණ 25,002ක් ද හම්බන්තොට පරීක්ෂණ 19,056ක් ද සිදුකර තිබේ.

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1158දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 643දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 399දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 116දෙනකු ද සුවය ලබා ඇත.

සිරංගිකා ලොකුකරවිට 

 

 

 

 

 

 

 

 



Recommended Articles