දකුණු පළාතේ කොරෝනා ආසාදිතයින් ගණන 1554ක් දක්වා ඉහළට


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (14) වාර්තා වූ නව ආසාදිතයින් 92දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,554දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 864ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 535ක් දක්වා දහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 155 දක්වා ඉහළ  ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  53දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 06දෙනකු දඅලුතින් වාර්තා වී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ  ආසාදිතයන් 53 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේතවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 17කි. ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් ආසාදිතයින්  11දෙනකු ද බෝපෙ පෝද්දලින් 07දෙනකු ද  ඉමදුවෙන් 05 දෙනකු ද නෙළුව සහ බලපිටිය කොට්ඨාස වලින් ආසාදිතයන් 04දෙනා බැගින් ද හබරාදුවෙන් හා රත්ගමින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද බද්දේගමින් එක් ආසාදිතයෙකු දහමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන් 10දෙනකු අකුරැස්ස කොට්ඨාසයෙන් හමුවී ඇති අතර 08දෙනකු දික්වැල්ලෙන් ද තිදෙනකු අතුරලියෙන් දදෙදෙනකු මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ද හක්මන, කඹුරුපිටිය, වැලිගම, මොරවක, තිහගොඩ, මුලටියන, කොටපොල, කිරින්ද පුහුල්වැල්ල හා කැකනදුර  කොට්ඨාස වලින්එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වළස්මුල්ලෙන් ආසාදිතයන් තිදෙනකු හමුවී ඇති අතර හම්බන්තොට හා බෙලිඅත්ත කොට්ඨාස වලින් ආසාදිතයන් දෙදෙනා බැගින් ද හමුවී තිබේ.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට

 

 



Recommended Articles