දකුණු පළාතේ කළ PCR ගණන 57000 පනි


දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වි මේ දක්වා කාලය තුල දි දකුණු පළාත තුල පි.සි.ආර් පරික්ෂණ 57909ක් සිදුකොට ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කය තුල පි.සි ආර් පරික්ෂණ 27752ක් සිදුකොට ඇති අතර මාතර දිස්ත්‍රික්කය තුල සිදුකොට ඇති පි.සි.ආර් පරික්ෂණ සංඛ්‍යාව 16377කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පි.සි ආර් පරික්ෂණ 13780ක් සිදුකොට ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.

මේ වනවිට දකුණු පළාතේ  පවුල් 2317 නෙකුට අයත් පුද්ගලයින් 4678 දෙනෙකු නිරෝධායනය  වෙමින් සිටින බවද ඒ මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 875 දෙනෙකුට අයත් පුද්ගලයින් 1613 නෙකු මාතර දිස්ත්‍රික්කයේ පවුල් 409 පුද්ගලයින් 1471 නෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 1032ක පුද්ගලයින් 1594 දෙනෙකු  නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

 

 

 

 



Recommended Articles