දකුණු පළාතේ ආසාදිතයින් ගණන 1,751දක්වා ඉහලට


දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ  (17) වාර්තා වූ නව ආසාදිතයින් 84දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,751දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 960ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 615ක් දක්වා දහම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 176ක් දක්වා ද ඉහල ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  28දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 14දෙනකු ද අලුතින් වාර්තා වී ඇත. බූස්ස බන්ධනාගාරයෙන් ද අලුතින් එක් ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ  ආසාදිතයන් 28දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේබෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 07කි. හබරාදුව හා බලපිටිය කොට්ඨාස වලින් ආසාදිතයන් 05දෙනා බැගින් ද අක්මීමනින් 04දෙනකු ද ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 03දෙනකු ද හික්කඩුවෙන් දෙදෙනකු ද බද්දේගම හා රත්ගමින් එක් ආසාදිතයා බැගින් දහමුවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන්25දෙනකු අකුරැස්ස කොට්ඨාසයෙන් හමුවී ඇති අතර 07දෙනකුමාලිම්බඩින්දවැලිගමින් තිදෙනකු ද  දෙදෙනකු මාතර මහ නගර සභා බල ප්‍රදේශයෙන් ද කඹුරුපිටිය, තිහගොඩ, වැලිපිටිය, දෙවිනුවර හාදික්වැල්ල  කොට්ඨාස වලින්එක් ආසාදිතයා බැගින් ද වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ලෙන් ආසාදිතයන් 06දෙනකු හමුවී ඇති අතර වීරකැටියෙන් ආසාදිතයන් 04දෙනකු ද වලස්මුල්ලෙන් ආසාදිතයන් තිදෙනකු ද සූරියවැව කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු ද හමුවී තිබේ.

දකුණු පළාතේ පවුල් 1,651ක පුද්ගලයෝ 4,213දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 837ක පුද්ගලයින් 1,974දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 442ක පුද්ගලයින් 1,537දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 372ක පුද්ගලයින් 702ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.

කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 72,258ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 33,325ක් ද මාතර පරීක්ෂණ 21,569ක් ද හම්බන්තොට පරීක්ෂණ 17,364ක් ද සිදුකර තිබේ.

දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 906දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 519 දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 311 දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 76 දෙනකු ද සුවය ලබා ඇත.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට

 

 

 

 

 

 

 

 



Recommended Articles