දකුණු පළාතෙන් කොරෝනා රෝගීන් 133ක්


දකුණු පළාතෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 133 දෙනෙකි.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 89ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 26ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 18ක් වශයෙනි.

ඊයේ  (05) දිනයේ දී දකුණු පළාතෙන් අලුතින් කොරෝනා රෝගීන් 06 දෙනකු හමුවූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් රෝගීන් දෙදෙනා බැගින් වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ රෝගීන් අලුතින් හමුවී ඇත්තේ අම්බලන්ගොඩ හා වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨසවලින් එක් අයකු බැගිනි. මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගියෙකු හා මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් රෝගියෙකු වාර්තා වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට හා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ද එක් රෝගියෙකු බැගින් අලුතින් හමුවී තිබේ.

සිරංගිකා ලොකුකරවිට

 



Recommended Articles