දකුණු පළාත තුල පුද්ගලයින් 3953 නි​රෝධායන​යේ


දකුණු පළාත තුල පුද්ගලයින් 3953 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලය පවසයි.

ගාල්ල  දිස්ත්‍රික්කයේ 1725ක්, මාතර දිස්ත්‍රික්කයේ 1515ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ713 නෙකු නිරෝධායනය වෙමින් සිටින බවද දකුණු  පළාත් කොරෝනා මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලය පවසයි.

  එමෙන්ම පෙරේදා (31) දිනය වනවිට  දකුණු පළාත තුල පි සි ආර් පරික්ෂණ 7506ක් සිදුකොට ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පි.සි.ආර් පරික්ෂණ 2894ක්, මාතර දිස්ත්‍රික්කයේ පි.සි.ආර් පරික්ෂණ 1733ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පි.සි.ආර් පරික්ෂණ 2879  සිදුකොට ඇති බවද  දකුණු පළාත් කොරෝන මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලය පවසයි.



Recommended Articles