දකුණු කොරියාවේදී ලාංකිකයෙක් ලාංකිකයෙක්ගේ අතින් මරුට


දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකු ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව තිබුණේ පමුණුගම පදිංචිව සිටි අවුරුදු 29ක් වයසැති විවාහක එක් දරු පියෙකි.

ඉකුත් ඉරුදින අළුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය සිදුකළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles