දකුණු කොරියාවේ සිටි ලාංකිකයින් 262 දෙනෙකු දිවයිනට


කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු කොරියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 262 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (2)  දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් සිටි පිරිසක් බව වාර්තා වේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 471 දරන විශේෂ ගුවන් යානයෙන් අද  දින සවස 3.55 ට දකුණු කොරියාවේ සියෝල් නුවර සිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .



Recommended Articles