දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයන් 7000 ඉක්මවයි


චීනයෙන් පිටත වැඩම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන දකුණු කොරියාව තුළ සෙනසුරාදා අවසන් වන විට වාර්තා වී ඇති සම්පූර්ණ රෝගින්ගේ සංඛ්‍යාව 7134ක් බවට පත්ව තිබේ.

මෙයින් රෝගීන් 367ක්ම සෙනසුරාදා දිනයේදී වාර්තා වී තිබේ. සෙනසුරාදි දිනය අවසන් වන විට වාර්තා වී ඇති සම්පූර්ණ මරණ 50ක් වන අතර සෙනසුරාදා දිනයේදී නව මරණ 6ක් වාර්තා වී තිබේ. සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 130ක් වෙයි.

මීට අමතරව ඉතාලියේ රෝගීන් 5883, ඉරානය 5823, ජපානය 1159, ජර්මනිය 795, ප්‍රංශය 949 ලෙස කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ.



Recommended Articles