දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 72 දෙනෙකු ඊයේ (29) දා දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන්කරයි.
එසේම මෙම වසරේ ගතවූ මාස 10 තුළදී ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 3,253 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව එම කාර්යාංශය පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව E9 වීසා කාණ්ඩය යටතේ එම රැකියා අවස්ථා හිමිව අති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය

