දකුණු අර්ධයට වැසි ඇතිවෙන්න හිතකර වායුගොලීය තත්ත්වයක්


ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම වෙනුවෙන් සුදුසු වායුගෝලීය තත්ත්වයක් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ් අනුව ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ අපරභාගයේදී වැසි ඇතිවිය හැකි  බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර හා මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් අනෙකුත් ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි. 

 



Recommended Articles