දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට


දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතා  ජී.- 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය  බලා යන අතරතුර , කෙටි සංචාරයක් සදහා අද (27)  දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

එතුමා දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට  අයත් විශේෂ ගුවන් යානයකින් අද  දින උදෑසන 10.20 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත  පැමිණි අතර , එතුමා සමඟ  20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණියහ .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා   සමග  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

මෙම පිරිස ගුවන් තොටුපළේ දී තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර ,  ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ද ලබා ගැනීමට කටයුතු කළහ .

පසුව මෙම පිරිස දහවල් 12.30 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ජපානයේ ඔසාකා බලා පිටත්ව ගියහ .

කටුනායක - ටි.කේ.පි කපිල



Recommended Articles