දකුණු අධිවේගයේ කිලෝමීටර් 19ක් අලුත්වැඩියා කරයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වසරේදී රථවාහන ගමනය සඳහා විවෘත කෙරුණු අතර මේ දක්වා කිසිඳු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදුකර නොමැත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0 සිට කිලෝමීටර් 19 දක්වා අධිවේගි මාර්ග ‍කොටස හා කිලෝ මීටර් 19 සිට කිලෝමීටර් 34 දක්වා අධිවේගී මාර්ග කොටස පැකේජ දෙකක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ලැබ තිබේ.

ඒ අනුව කිලෝමීටර් 19ක මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝ මීටර් 0 සිට 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටම දෙවැන පැකේජය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා දේශීය ලංසුකරුවන්ගෙන් කැඳවූ මිල ගණන් අනුව රු. මිලියන 1490.96ක අවම ලංසුව ඉදිරිපත් කළ  M/s Access - WKK බද්ධ ව්‍යාපාරය වෙත පැවැරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.



Recommended Articles