දංකොටුවෙන් හමුවු බවුසර් දෙකේ පොල්තෙල් වලත් පිළිකාකාරක


දංකොටුව ප්‍රදේශයේදි තෙල් මෝලක සඟවා තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලද බවුසර් දෙකෙන් ලබාගත් පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටෝක්සීන් නමැති පිළිකා කාරකය අඩංගු බව  තහවුරු වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්‍ෂණවලදීයි. 

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා  පැවසුවේ මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය වෙත යොමු කළ  සාම්පලවලට වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවයි. 

 



Recommended Articles