තෙවැනි මාත්‍රාව ලබාගැනීමේ උනන්දුව අඩුවෙයි


කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන එන්නත ලබාගැනිම වෙනුවෙන් ජනතාව දක්වන උනන්දුව සිඝ්‍ර ලෙස අඩුවී තිබේ. ඒ් අනුව මේ වන විට දිනකට ඒන්නත් ලබා ගන්නා සංඛ්‍යාව 100කටත් අඩුව තිබේ.

පසුගිය 16 දා කිසිම පුද්ගලයෙක් ඒන්නත ලබාගෙන ‌නොතිබුණි. මේ දක්වා ශ්‍රි ලංකාවේ පුද්ගලයන් 79 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිශ්පාදිත ෆයිසර් එන්නතයි.



Recommended Articles