තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මිලියනය ඉක්මවයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව එනම් බූස්ටර් එන්නත ලබාගත් පිරිස මිලියනය ඉක්මවා තිබේ.

වසංගත රෝග විද්‍යා ඒකකය අද පෙරවරුවේ නිකුත් කළ දත්ත අනුව බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 1,081,303ක් වෙයි.

ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 44838ක් වෙත බූස්ටර් මාත්‍රාව ලබා දී තිබේ.



Recommended Articles